ඉදිරියේදී වාහන මිල වැඩි වන ලකුණු

ඉදිරියේදී වාහන මිල වැඩි වන ලකුණු

වාහන ආනයනයේදී සුළු මිල වැඩිවීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පවසනවා.

මේ අතර, අදියර 4ක් යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සමඟ පෙරේදා (08) පැවති සාකච්චාවට එක්වෙමින් ඔහු කියා සිටියේ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම් පිළිබඳ වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගන්නා බවයි.

ඒ අනුව පළමුව පොදු ප්‍රවාහන රථ, දෙවනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගෙන්වීමටයි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත්තේ.

අනතුරුවයි සාමාන්‍ය මෝටර් රථ සහ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.