දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර දෙකෙහි වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මෙගා වොට් 1 බැගින් වූ මෙම ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘති දෙක කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සහ යූෂින් එන්ජිනියරින්, බෝසන් පවර්ටෙක් සහ ස්කොට්‍රා සමාගම්වල තාක්ෂණික සහ ඉදිකිරීම් සහාය මත ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වී ඇති අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

