ඩයනාට රට ගමන් තහනම් – සජබය ගැනත් ගැටළුවක්

ඩයනාට රට ගමන් තහනම් – සජබය ගැනත් ගැටළුවක්

මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (08) තීන්දු කලා

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ,

“මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.”

“ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ.”

“මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.”

“ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.”

“මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්… මං නැවත පාර්ලිමේන්තුවට එයි” යනුවෙන්

COMMENTS