සහල් බෙදා දීමේ දෙවන වටය මැයි මාසය අවසන් වීමට පෙර

හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එමෙන් ම ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.
මෙහි දෙවන වටය මෙම මැයි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

