සෞඛ්‍ය වර්ජනය අද මධ්‍යම පළාතේ

සෞඛ්‍ය වර්ජනය අද මධ්‍යම පළාතේ

එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අද (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, අද ඇරඹෙන වර්ජනය දිනෙන් දින විවිධ පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට පෙර අවස්ථා කිහිපයකදී වර්ජන ක්‍රියාමාර්ගවල නිරත විය.

කෙසේවෙතත් එම සන්ධානය ප්‍රකාශ කරන්නේ, සිය ඉල්ලීම්වලට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අද සිට යළි වර්ජනයට අවතීර්ණ වන බවය.