අධ්‍යාපනය හා සෞඛ්‍යය අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා – සජිත්

අධ්‍යාපනය හා සෞඛ්‍යය අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා – සජිත්

දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනේදීයී.

සුහුරු රටක් ගොඩනැගීම සඳහා පරිගණක සාක්ෂරතාව ඉහළ දැමීමේ අරමුණින් සජිත් ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක් මොණරාගල සියඹලාන්ඩුව, ඇතිමලේ මහා විද්‍යාලයේදී පැවැත්වුණා.