ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්යාලවලින් පමණයි

පාසල්වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨවලින් සිදුකරන බවත් නොඑසේනම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් බඳවාගන්නා බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රී රෝහිණී කවිරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඇය විමසා සිටියේ ක්‍රීඩා ගුරුවරුන් වශයෙන් බඳවාගෙන තිබූ 3000ක පමණ පිරිසක් ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක් නොමැතිකම සම්බන්ධයෙන්.
එම බඳවාගෙන ඇති පිරිස අනධ්‍යන කාර්යමණ්ඩලයේ පිරිසක් බවද ඔවුන්ට ඉහත කී සුදුසුකම් සපුරා නැතැයිද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

