රුසියා – යුක්‍රේන යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට

රුසියා – යුක්‍රේන යුද්ධයට යැවූ ශ්‍රී ලාංකිකයන් ගැන පැමිණිලි ඉහළට

රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, ඒ අනුව 0112 44 11 46 දුරකථන අංකය අමතා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර රුසියා – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මාවනැල්ලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතන හිමිකරු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස රුසියාවේ යුද පෙරමුණට යවා ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් 300කට අධික පිරිසක් තවමත් යුද පෙරමුණේ සිටින බවත් 200කට ආසන්න පිරිසක් කඳවුරක පුහුණුව ලබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පසුගියදා සඳහන් කළා.

එමෙන්ම රුසියා – යුක්‍රේන යුද සේවය සඳහා මෙරටින් පිටත්වා ගිය ශ‍‍්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.