ග්‍රාම නිලධාරීන් අද සිට දින 3ක් ලෙඩ

අද සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ග්‍රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා.
තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.

