පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපේ බලකණු සජබට එක්වෙයි

පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපේ බලකණු සජබට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වුණා.

වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකගේ සහාය සජබට ලබාදුන්නා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ්ගේ සහායත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදුන්නා.

COMMENTS