IMF තුන්වෙනි ණය වාරිකයට හෙට අත්සන් තබයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා හෙට දිනයේ දී අත්සන් තබනු ඇති.
මේ අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලයෙහි ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අයිඑම්එෆ් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පසුගිය දා ප්‍රකාශ කළා.
බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි ද ඇය සඳහන් කළා.
මේ අතර තුන්වැනි ණය වාරිකයට අනිද්දා දිනයේ දී අනුමැතිය ලැබුණ ද වැදගත් නවීකරණයන් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. අයිඑම්එෆ් පිළිබද එහි අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබු නිර්දේශවලින් 25%ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටින බව පවසනවා.
එසේ ඉටුකළ යුතුව තිබු කැපවීම් 63න් 32ක් ඉටුකර ඇති අතර 16ක් ඉටුකර නැති ලෙසත් 15ක් නොදනී ලෙසත් දක්වා තිබේ. මෙම කැපවීම් 16න් 7ක්ම මූල්‍ය කළමනාකරණය අදාළවයි. 6ක් මූල්‍ය විනිවිදභාවයත් 3ක් දූෂණ මර්දන ක්‍රියාවලටත් අදාළ වනවා.
ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුන් ලෙස හදුනාගෙන ඇත්තේ විනිවිදභාවයේ / කළමනාකරණයේ හා දූෂණ මර්දන කටයුතුවල දුර්වලතායි. අයිඑම්එෆ් මගින් ආසියාතික රටක සිදුකෙරුණු පළමු ඇගයීම ද ශ්‍රී ලංකාව වනවා.
ඒ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවයි.
කෙසේ වෙතත් අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂවරිය පසුගිය දා ප්‍රකාශ කළ පරිදි අනිද්දා දිනයේ දී දෙවන විධායක මණ්ඩල සමාලෝචනය සාකච්ඡා කිරීමට රැස්වෙනු ඇති.
ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵලදැරීමට පටන් ගෙන ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

