වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් ලේසි කරයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් ලේසි කරයි

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03වන දින සිට ක්‍රියාත්මක කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය ඊයේ (11) පැවසුවා.

ඔහු මේ බව සදහන් කළේ රත්නපුර පිහිටි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

මේ අනුව, බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දීස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29කින්ද ලබා ගත හැකි‍ බවද ඔහු පැවසුවා.

මෙය ක්‍රියාත්මක වීමත් සමගම බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර වාහන ලියාපදිංචි වූ පළාත් සභාවට අමතරව සෙසු පළාත් හතෙන් ලබා ගත හැකි වෙනවා.

මීට ඔමිනි බස් රථවලට අදාළ වාහන ආදායම් බලපත්‍ර අදාළ නොවන බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.