මේ වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ

මේ වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ දී පැවැත්විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ආපසු උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු සිසුවියන් ඇගැයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පැවැති වැඩසටහනකට එක් වෙමින්.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශයද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයකට සාර්ථකව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසුවත් අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවයි.

