පිටරට ලයිටරයට එරෙහිව පාරට බැස්ස ගිනිපෙට්ටි

විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් අද (13) මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වුණා.
නුතනයේ ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන සදහා විවිධ නීතිරීති පැනවුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත්, දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සදහා රජයේ මැදිහත්වීම අවම බවත් විරෝධතාකරුවෝ පැවසුවා.
ගිනිපෙට්ටි නිෂාපාදනය කරන ආයතනවල පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමු වී ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ද පියවර ගත්තා.

