ශිෂ්‍යත්වය වෙනස් වෙයි

ශිෂ්‍යත්වය වෙනස් වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කළා.

නාත්තණ්ඩිය – ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (16) එක්වෙමින් ඔහු කියා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි.

ඒ අනුව, සිසුන් හතර සහ පහ ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මගින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 30%ක් ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

COMMENTS