සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක්

නැව් ගාස්තු ඇතුළු පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සියලු ආනයන භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව සමස්ථ ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නිලුක්ෂ කුමාර ප්රකාශ කළේ පොල්තෙල් මිල මේ වනවිටත් සීග්රයෙන් ඉහළ යමින් පවතින බවයි.
ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කළේ පොල්තෙල් කිලෝවක මිල රුපියල් 180ත් 200ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර, පොල්තෙල් බෝතලයක මිල ද රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක් මේ වනවිට අලෙවිවන්නේ රුපියල් 550ක මිලකට බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් සඳහන් කළා.
ඔහු පවසන්නේ රේගු බදු ඉහළ නැංවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
එමෙන්ම මහා පරිමාණයෙන් පොල්තෙල් මිලදී ගන්නා වෙළෙඳුන් පවතින මිල ගණන් හමුවේ අසීරුතාවට පත්ව සිටිනවා.

