ලබන වසරේ ප්‍රධාන ආදායම් මාර්ගය දේපළ මත ධන බද්දයි

ලබන වසරේ ප්‍රධාන ආදායම් මාර්ගය දේපළ මත ධන බද්දයි

ලබන වර්ෂයේ (2025) ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රම වේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්ද බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මෙම බද්ද තුළින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහල වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව එම නිවේදනයේ සඳහන්.

ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයින්ට අයත් දේපළ මත බද්ද අයවන බවට තහවුරු වෙන පරිදි සුදුසු බදු නිදහස් සීමාවන් පැනවීම තුලින් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බවද එහි සඳහන් වෙනවා.

2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% ක සහ 2026 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කිරීම යන කරුණ මෙම විශේෂිත ඉලක්කයන් සඳහා සාක්ෂි දරණ බවද එම නිවේදනයේ දැක්වෙනවා.

COMMENTS