එක වසරට ඇතුළත් වන දරුවන්ගේ අඩුවක්

පසුගිය වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව පෙර වසර දෙක හා සසඳන විට දාහත් දහස් එකසිය පහකින් අඩු වී තිබේ.
පසුගිය වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ අසූ හත්දහසක් වූ අතර 2021 වසරේ එම සංඛ්‍යාව තුන් ලක්ෂ හාර දහස් එකසිය පහක් විය. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ එම සංඛ්‍යාව දෙලක්ෂ අනූ දෙදහස් පන්සිය දාහතක් දක්වා එනම් එකොළොස් දහස් පන්සිය අසූ අටකින් අඩු වී තිබේ.
පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ මෙම අඩු වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය පස් වසරක කාලයට අදාළව ඉපදුණු දරුවන්ගේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බව ඇමැතිවරයා කීවේය.

