කෝච්චියේ නිකන් යන්න අවස්ථාවක්

කෝච්චියේ නිකන් යන්න අවස්ථාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ඊයේ (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා..

එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිනෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දුම්රිය යෙදවීමට නොහැකිවී තිබෙනවා.

එම නිසා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මහව සහ අනුරාධපුර අතර බස් රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

COMMENTS