චීන නාවික හමුදා නැවක් ලංකාවට

චීන නාවික හමුදා නැවක් ලංකාවට

‘සහජීවන මෙහෙයුම-2024’ මෙහෙයුම අරඹමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව එරටින් පිටත්ව තිබෙනවා.

චීනයේ, චජියැං පළාතේ, චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව පෙරේදා (16) පෙරවරු 10:00ට පිටත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙවර ‘සහජීවන මෙහෙයුම-2024’ මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13ක් වෙත සංචාරය කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සැපයීමට සූදානමින් සිටී.

මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරටේ නිල සංචාරයන්ට ද ‘Peace Ark’ නෞකාව එක්වීමට නියමිතයි.

COMMENTS