විරෝධතාවකට ජල ප්රහාරයක්

පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාර එල්ල කළා.
රැකියා ලබාදෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පොල්දූව මංසන්ධිය අසල දියත උයන වටරවුම අභියසදී විරෝධතාවක නිරත වුණා. එහිදි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

