30ක් රෝහලට යැවූ අනතුර

30ක් රෝහලට යැවූ අනතුර

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) දහවල් දෙකට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරියක් සහ ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී වර්ෂාපතනයද පැවති බවයි වාර්තා වෙන්නේ.

එම අනතුරින් පාසල් සිසුන් 30ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව‍යි වාර්තා වෙන්නේ.

නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවයි හංවැල්ල පොලිසිය ප්‍රකාශකර සිටියේ.

COMMENTS