දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළට

දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළට

ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි වසර කිහිපය තුළද නොවෙනස්ව පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56වැනි සැසිවාරය ජිනීවා හිදී ආරම්භ වූ අවස්ථාවේ සැසිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56වැනි සැසිවාරය පෙරේදා ආරම්භ වූ අතර එම ආරම්භක සැසිය අමතමින් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වුවා.

COMMENTS