කයිවාරු කාරයින්ට රටක් පාලනය කරන්න බෑ

පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පෙරේදා (20) පැවැසීය.
අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා පැවැසීය.
පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බව සඳහන් කළේය.
පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ෆොන්සේකා මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවෙන් රට හදන්නට නොහැකි බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින සියයට පනහක් දූෂිත බව පැවැසීය.
එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයි එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයකට ඇද වැටෙනු ඇති බව ද ෆොන්සේකා මහතා කීය.

