වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවීමත් සමගයි.
අවුරුදු 15ක ක්‍රීඩා දිවියකට උරුමකම් කියන ඔහු ජාත්‍යන්තර ශතක 49කට උරුමකම් කියනු ලබනවා.
මේ වසර මුලදී ඔහු එක්දින සහ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාම ගත් අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය බවට පත් වුණා.

