ගුරු – විදුහල්පතිවරු අද කොළඹට

ගුරු – විදුහල්පතිවරු අද කොළඹට

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (26) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය කර ඇත.

ඒ අනුව අද පෙරවරු 11.00ට ගුරු – විදුහල්පති සන්ධානයේ සාමාජිකයන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවේ නිරත වන බවත් තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය අරගල පවත්වන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

සුබෝධනී කමිටු වාර්තාවෙන් ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීමට ඉදිරිපත් කළ නිර්දේශවලින් තුනෙන් එකක් ලබාදී ඇති බවත් ඉතිරි තුනෙන් දෙක ලබාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවන බවත් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේය.