චීන සමාගමකින් ඩීසල් නැව් තොග හතරක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අගෝස්තු මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය සදහා ඩීසල් බැරල් 280,000 බැගින් වූ නැව් තොග 04ක් චීනයේ zhongxi Energy Development (Ningbo) සමාගම වෙත පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට අනුමැතිය හිමිව තිබේ.

