රෙජිස්ට්‍රාර් සේවයේ නියුතු නිලධාරින් අද සහ හෙට ලෙඩ වෙයි

රෙජිස්ට්‍රාර් සේවයේ නියුතු නිලධාරින් අද සහ හෙට ලෙඩ වෙයි

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රෙජිස්ට්‍රාර් සේවයේ නියුතු නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් සේවා නිලධාරි සංගමයේ ලේකම් ප්‍රභාත් එන්. ගුණවර්ධන පවසන්නේ මෙම දෙපාර්තමේන්තුව සඳහා විධිමත් සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති බවයි.

ඒ නිසා සුදුසු වැටුප් පරිමාණයක් නොමැති නිසා නිලධාරීන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද ලේකම්වරයා සඳහන් කරනවා.

මෙම ගැටලුව විසඳා ගැනීමට 2016 වසරේ සිට විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් වසර අටක කාලයක් ගත කළ නමුත් මේ දක්වා සතු⁣ටුදායක ප්‍රතිචාරයක් නොලැබීම මත ඊට විරෝධය පා මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැළෙන බවද ඔහු සදහන් කරනවා.

COMMENTS