ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ මැතිවරණ සටනට

ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ මැතිවරණ සටනට

යාප­නයේ ඉපිද එංග­ල­න්තයේ ලන්ඩන් නුවර පදිං­චි­යට කුඩා කල ගිය දමිළ කාන්තා­වක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තරග කිරී­මට ඉදි­රි­පත් වී සිටියි. ක්‍රිෂ්ණා රිෂි­ක­රන් නමැති ඇය සිය මවු­පි­යන් අහිමි වීමෙන් පසුව ඥාති­යෙකු සමඟ ලන්ඩ­න­යට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවා­ස­ය­කය. කටුක අත්දැ­කීම් සම්භා­ර­යක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩ­නයේ පුණ්‍යා­ය­ත­න­යක හා තවත් ප්‍රජා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යක සේවය කරයි.

ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්ව­යට එරෙ­හිව කට­යුතු කිරී­මත් සමාජ අසා­ධා­ර­ණ­යට එරෙ­හිව නැඟී සිටී­මත් තම එකම බලා­පො­රො­ත්තුව බව පව­සන ඇය තමන් බ්‍රිතාන්‍ය මහ මැති­ව­ර­ණ­යේදී චැටන් සහ සෙම් යන පළා­ත්ව­ලට තරග කරන බවද පව­සයි. දැනට ඇය ජීවත් වන්නේද චැටන් ප්‍රදේ­ශ­යේය.

ඇය තරග කරනු ලබන්නේ ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂය සමඟ සන්ධා­න­ගත වූ කොන්ස­ර්වේ­ටිව් පක්ෂ­යෙනි.