අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

ජූලි 1 දා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තීරණය කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර, එහි නව ගාස්තුව රුපියල් 28කි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණය ගෙන තිබේ. බස් ගාස්තු පහළ දැමීමට සියලු බස් සංගම් එකගතාව පළ කර ඇත.