රුසියානු යුද්ධයෙන් ලාංකිකයින් 17ක් මියගොස් 121ක් අතුරුදන්

රුසියානු යුද්ධයෙන් ලාංකිකයින් 17ක් මියගොස් 121ක් අතුරුදන්

රුසියානු යුද්ධයට ගිය ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් තවත් 121 දෙනෙකු අතුරුදන්ව ඇතැයි අනාවරණ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

රුසියානු යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් පිරිසක් සමග එරටට ගිය අවස්ථාවේදී මේ බව අනාවරණ කර ගත් බවයි ඔහු පවසන්නේ.

රුසියානු යුද්ධය සඳහා මෙරටින් ගිය විශ්‍රාමික යුද හමුදා සෙබළුන් සහ සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පසුගිය 25 වෙනිදා රුසියාව බලා පිටත්ව ගියා.

එම කණ්ඩායමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු දේශපාලනඥයින් මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද අයත්.

ඔවුන් රුසියානු දේශපාලන නියෝජිතයින් හා ආරක්ෂක අංශ නියෝජිතයින් සමඟ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.

සාකච්ඡාවෙන් අනතුරුව යළි දිවයිනට පැමිණි දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

COMMENTS