හෝටල්වල තිබෙන ආකාරයට සමාන ආහාර වේලක් රෝගීන්ට

හෝටල්වල තිබෙන ආකාරයට සමාන ආහාර වේලක් රෝගීන්ට

රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීම මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පවසවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෛද්‍යවරුන් සඳහන් කළේ මේ සඳහා රජයෙන් ලබා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වුණු බවයි.

රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබා දෙන ආහාරවේල පිළිගන්වන ආකාරය, ආහාරයේ ගුණාත්මකභාවය සහ නාස්තිය අවමකිරීම යන කරුණු මුල් කර ගනිමින් ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥවරුන්ගේ විද්‍යායතනය පියවරගෙන තිබෙනවා.

ඒ අනුව හෝටල්වල තිබෙන ආකාරයට රෝහල්වල රෝගීන්ට ලබා දෙන ආහාර වේල වෙනස් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර මහරගම අපේක්ෂා රෝහලින් ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS