අවසන් සටනේ කාසිය වාසිය ඉන්දියාවට

2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ලෝක ශූරතාවය උදෙසා ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29) රාත්‍රියේ එකිනෙකා කරට කර ගැටීමට සූදානමින් පසුවෙනවා.
එහිදී අද තරගය සඳහා කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හිදී පැවැත්වීමට නියමිතයි.
2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව මෙතෙක් ක්‍රීඩාකළ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් තරගාවලියේ මෙතෙක් අපරාජිතව පසුවන අතර, දකුණු අප්‍රිකාවද මෙතෙක් ක්‍රීඩාකළ තරග සියල්ලම ජයග්‍රහණය කර තිබෙනවා.
කණ්ඩායම් දෙකම මෙතෙක් ක්‍රීඩාකළ තරග සියල්ල ජයග්‍රහණය කර ඇති බැවින් මෙම අවසන් මහ තරගයද උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවටයි ක්‍රිකට් විස්තර විචාරකයින් මත පළ කරනු ලබන්නේ.

