ඔලිම්පික් වරම් ලැබූ අපේ දක්ෂයෝ

ඔලිම්පික් වරම් ලැබූ අපේ දක්ෂයෝ

කයිල් අබේසිංහ සහ ගංඟා සෙනෙවිරත්න මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට සමත්වී තිබෙනවා.

කයිල් අබේසිංහ, මීටර 100 නිදහස් ආර ඉසව්වටත් ගංඟා සෙනෙවිරත්න මීටර 100 පසුපස ආර ඉසව්වටත් සුදුසුකම් ලබාගනු ලැබුවා.

මේ අතර පිහිණුම් ක්‍රීඩක නවීඩ් රහීම්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2024 පැරිස් පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔහු මීටර 400 එස් නවය කාණ්ඩයෙන් මෙලෙස සුදුසුකම් ලබා ඇති බවයි ලෝක පැරා ඔලිම්පික් කමිටුව සඳහන් කර ඇත්තේ.

19 හැවිරිදි නවීඩ් රහීම් 2023 වසරේ චීනයේ පැවති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වුණා.