ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් අත්අඩංගුවට

ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් අත්අඩංගුවට

ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද වෙයි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ, එම පිරිස BITCOIN හරහා අන්තර්ජාලය ඔස්සේ විවිධ ජාවාරම් සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බවය.

ගතවූ දින කිහිපය තුළ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ විදේශ ජාතිකයින් විශාල පිරිසක් වරින්වර අත්අඩංගුවට පත්විය.

පෙරේදා දිනයේදී ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකුද එම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගැණුනි.

ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු තිබේ නම් දැනුම්දෙන ලෙසය. නිවාස කුලියට දීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට මහජනතාවට දැනුම්දෙයි.

COMMENTS