උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා – චමිර පෙරේරා

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා මෙතරම් විදෙස් ණය ලබාගත්තේ සිමෙන්ති ගල්වලට බවත් එම ගල්වලින් කොමිස් ගැසූ බවත් ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, අද (30) හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා,
“මේ කදුකරට බිලිගෙන ඉන්නේ තැරැව්කාර පැලැන්තියක්, රනිල් වික්‍රමසිංහ ආරංචිය සුභයි කියලා කියපු බොරුව හැමෝම දන්නවා. අපිට ණය ගෙවන්න පුළුවන් රටක්ද? ණය ගෙවිමට හැකියාව තියෙනවාද කියලා සොයා බලන්නේ නැතුව ඒකාධිපති කමින් තිරණය කරන්න ජන වරමක් නැති රනිල් වික්‍රමසිංහට තියෙන බලය මොකක්ද? රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කණ්ඩායම ණය ගත්තේ කාටද මෙච්චර? අපිටද ? වැඩිපුරම ණය ගත්තේ සිමෙන්ති ගල්වලට. ඒවාගෙන් කොමිස් ගහලා සොරකම් කලා. ඒ සල්ලි පිටරට බැංකු වල දාලා උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා, අන්තිමට ණය ගෙවන්න ඕනි අපි.අද අපේ රටේ ජනතාව විශාල වශයෙන් බදු ගහලා, අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල වැඩි ජනතාවට ජිවත් වෙන්න බෑ” යනුවෙන්

