කෝලි සිය සගයන් සමඟ නටමින් ජය සමරපු හැටි (Video)

කෝලි සිය සගයන් සමඟ නටමින් ජය සමරපු හැටි (Video)

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවති 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ අවසන් තරගයෙන් ඉන්දියාව ලකුණු 7ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර මෙම තරගයෙන් පසුව විරාත් කෝලි සහ රෝහිත් ශර්මා සිය 20-20 තරගවලින් සමුගැනීම නිවේදනය කළා.

ඉන්දීය කණ්ඩායමේ දැවැන්ත චරිත දෙකක් වූ කෝලි සහ ශර්මා තරගෙයෙන් පසුව මේ බව නිවේදනය කළ බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ රෝහිත් ශර්මා,

“මෙය මගේ අවසන් T20 තරගය. “මෙයට සමු දීමට මීට වඩා හොඳ කාලයක් නැහැ. මම මේ සෑම මොහොතකටම ආදරය කළා. මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මෙම T20 ක්‍රීඩා කරමින්. මට අවශ්‍ය වූයේ ලෝක කුසලානය දිනා ගැනීමටයි.මට මේක ඉතාමත් සංවේදී අවස්ථාවක්.ඒක වචනවලින් කියන්න අමාරුයි.”

මේ අතරම විරාත් කෝලිද මේ සම්බන්ධව අදහස් පළ කළා.

”මේ තමයි මගේ අවසන් 20-20 ලෝක කුසලානය. ඒ වගේම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් 20-20 තරගය. අද තරගය පැරදුනත් මම මේ තීරණය කියන්න හිටියේ. රෝහිත් එක්ක පිටියට එද්දි අපි කතා වුණේ මේක කොහොම හරි දිනන්න ඕනි කියලා. මට වඩා මේක රෝහිත්ට විශේෂයි. ඔහු දක්ෂයෙක්. අපි දැන් නවකයින්ට අවස්ථාව දිය යුතුයි. මම සාර්ථක වෙද්දි සහ අසාර්ථක වෙද්දි මා එක්ක හිටපු හැමෝටම ස්තූතියි.’

මේ අතර විස්සයි විස්ස තරඟය ජයග්‍රහණයෙන් අනතුරුව විරාත් කෝලි සිය සඟයන් සමඟ නර්තනයක යෙදි තිබුණා. එය ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

COMMENTS