මේ වසරේ සංචාරකයන් ලක්ෂ 10ක් ඇවිත්

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එම සීමාව ඊයේ (29) දහවල් ඉක්මවූ බව වාර්තා විය.
ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමඟ පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි.
ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

