ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි

ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

මියයන විට සම්පන්ධන් මන්ත්‍රීවරයා 91 වෙනි වියේ පසුවූ අතර, ඔහු කලක සිට යම් අසනීප තත්ත්වයකින් පෙලීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වීමට නොහැකි බවට දන්වා නිවාඩුද ලබාගෙන තිබුණා.