තෙල් මිල අඩු වුණත් ගාස්තු අඩු කරන්න බෑ – ත්‍රීරෝද රථ සංගමය

තෙල් මිල අඩු වුණත් ගාස්තු අඩු කරන්න බෑ – ත්‍රීරෝද රථ සංගමය

පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මාසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ඊට සමගාමීව ත්‍රීරෝද ගාස්තු අඩු කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.

ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව සඳහන් කළ සභාපතිවරයා, රුපියලක් දෙකක් අඩු කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවද පවසා සිටියා.

රජය ඉන්ධන මිල අඩු කළද, එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැති බවද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS