පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් එකක්

පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් එකක්

මෙරට පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට නව නිපැයුම්කරුවකුවන වැලිමඩ, දරගල ලසන්ත රුවන් සමත්ව තිබෙනවා.

මෙම නිෂ්පාදනය සිදුකර ඇත්තේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ.

එලෙස නිෂ්පාදනය කළ මිරිස් අයිස්ක්‍රීම්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට පිරිනමා තිබෙනවා.

පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයකින් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව‍යි ලසන්ත රුවන් සඳහන් කරන්නේ.

COMMENTS