ග්‍රාම නිලධාරීන් සහ රජය අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

ග්‍රාම නිලධාරීන් සහ රජය අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීින්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

එවන් පසුබිමකයි අද දිනයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවක් ලබා දී ඇත්තේ.

අද සාකච්ඡාව අසාර්ථක වුවහොත් හෙට සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.