පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන

පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන

පොහොට්ටුවේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එක්ව ජයගමු – අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව කියා සිටියා.

මෙම ජන රැළිය සදහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, අලි සබ්රි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර රට ගොඩ නැගීම සඳහා විපක්ෂය ඇතුලු සියුල දෙනාට එක් වන ලෙසට තමන් ඇරයුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, එක්ව ජයගමු – අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින්.

මේ අතර සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 600 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන සිදු කෙරුණා.

COMMENTS