නුවරට ජය

LPL 05වන අදියරේ පළමු තරගය වන Dambulla Sixers සහ Kandy Falcons අතර තරගයේ ජයග්රහණය හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම ඊයේ (01) දින සමත් වුණා.
ඒ කඩුලු 06කින්.
පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ නුවර කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 183ක් ලබාගෙන තරගය ජය ගත්තා.
නුවර කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක්ද, දසුන් ශානක නොදැවී ලකුණු 46ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37ක්ද ලබා ගනිමින් නුවර කණ්ඩායම ජයග්රහණය කර රැගෙන යනු ලැබුවා.

