රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව රු.10,000කින් ඉහළට

රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව රු.10,000කින් ඉහළට

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වෙන්නේ.

මෙතෙක් සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කෙරුණා.

ඒ අනුව මෙම දීම­නාව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට ද හිමිවන බව සඳහන්.