හිරුණිකා ඇප ඉල්ලයි

හිරුණිකා ඇප ඉල්ලයි

බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමජයන්ත මහත්මියට ඇප ලබා ගැනීමේ අරමුණින් ඇයගේ නීතිඥයන් විසින් අභියාචනාකරණයට ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇත.

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති තිබේ.

අදාළ ඉල්ලීම එළඹෙන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.