ඇමරිකාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තව දුරටත් සහය දැක්වීමට සූදානම් බව ඇමෙරිකාව පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එරට භාණ්ඩගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් සඳහන් කළේ මෙරට ආර්ථික ස්ථාවරත්වය නියමිත දිශාව කරා ගමන් කරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සෙසු රටවල් එකගත්වය පළ කළ බවයි.

එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඇමෙරිකානු රජය දැක් වූ සහයට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කර තිබෙනවා.