රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව රු.10,000කින් ඉහළට

රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වෙන්නේ.
මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට පසුගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.
ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමිවන බව සඳහන්.

