මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි

මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි

ඩෙවෝන් – 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සානුකම්පිතව සළකා බලා සුදුසු වන්දි මුදලක් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද වසයි.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ බවට පැවසෙයි.

මේ අතර ඩෙවෝන් – 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒසේ දැනුම් දුන්නා නම් මීට වඩා කඩිනමින් මුදාගැනීමේ කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

ඩොවෝන් – 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් එනම් 600kmකට අධික දුරකින් ගමන්කර තිබු අතර එවන් දුරක් වෙත ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගමන් කිරීමට ඇති හැකියාව තමන් සොයාබැලු බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානයකට ගමන්කළ හැකි දුර මෙන් 04 ගුණයක් පමණ ඈතින් අදාළ යාත්‍රාව තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.