කරවල හොද්දට වැටුණු දැරිය මෙලොව හැර යයි

කරවල හොද්දට වැටුණු දැරිය මෙලොව හැර යයි

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා ඇති අතර , පසුගිය 23 දින දැරිය සිය මව සමග එහි රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.

බරපතල තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.